Featured

Special Needs Children Development IEP From Learning Chanel

Benefits Of ABA Therapy For Children With Special Needs

The benefits of ABA therapy for children with special needs. It can help individuals gain skills that will allow them to lead more independent and successful lives.

  1. Improving communication skills
  2. Increasing social interaction
  3. Acquiring self-help and life skills
  4. Developing adaptive behaviors
  5. Enhancing academic performance
  6. Reducing challenging behavior

+9477 78 78 092

Featured

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට වඩාත් හොඳින් ඉගෙන ගන්න අලුත් වැඩක්. වීඩියෝ ඇනිමේෂන් පෙළපොත් පාඩම් භාවිතා කර පහසුවෙන් ඉගෙන ගන්න අවස්ථාවක්.

නිවසේ සිට ඉගෙන ගන්න පුළුවන් …………….

ස්මාර්ට් ස්කූල් පන්තියට ගොස් ඉගෙන ගන්න පුළුවන් …………..

නව තාක්ෂණික මෙවලම් සමග ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන ලර්නින් චැනල් අධ්‍යාපන ආයතනයේ ස්මාර්ට් ස්කූල් පංතිය. දරුවන්ට අළුත් අත්දැකීමක්, සතුටෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක්.

පාසලේදී හෝ ටියුෂන් පන්තියේදී කියවන දේවලින් 10% ක් මතකයේ රැඳේ.

අසන දෙයින් 20% ක් මතකයේ රැඳේ. දකින දේවලින් 30% ක් මතකයේ රැඳේ.

පන්තියේදී ඔවුන් දකින හා අසන දෙයින් 50% ක් මතකයේ රැඳේ.

ඔවුන් දකින, අසන කරන දේවල් සියල්ල සමග පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ලැබේ  නම් මතකයේ රැඳීම  90% ක් දක්වා ඉහල මට්ටමකට ගත හැක. අපගේ ලර්නින් චැනල් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය එය වේ.

පාසලේදී හෝ ටියුෂන් පන්තියේදී නොලබන නවමු අත්දැකීම් රැසක් සමග සතුටින් ඉගෙන ගෙන  විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාවක් දරුවන්ට ඒ අනුව උදාවේ.    

Learning Chanel – Smart School පන්තියේ ඇති විශේෂත්වය කුමක්ද?  

  • පාසලේ පෙළපොතේ සියළුම පාඩම් කාටූන්, ඇනිමේෂන් සහ දරුවන්ට පහසුවෙන් ඉගෙනීමට හැකි ආකාරයට Video පාඩම් ලෙස ඉගැනීමට හැක.
  • ඉගෙන ගැනීමට යොදා ගන්නා වේලාව සහ කාලය තම අවශ්‍යතාවයට අනුව සැලසුම් කල හැකිවීම
  • ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් සහ මාසික සහ වාර විභාග ලබා දීම
  • සියලුම පාඩම් නැවත නිවසේදී අවශ්‍ය වෙලාවක  අධ්‍යනය සහ විෂය කරුණු තහවුරු කර ගැනීමට වීඩියෝ පාඩම් ජංගම දුරකතනයට ලබා දීම.     
  • ගුණාත්මක අධ්‍යාපනයක් පහසු මිලකට ලබා ගැනීමට හැකිවීම

වැඩි  විස්තර ලබා ගැනීමට WhatsApp +94777878092 මගින් සම්බන්ද වෙන්න.

Featured

Human Skills Development

As technology developments have increased, Learning  Chanel is using popular learning option creatively to develop human skills. The admin of the web have over 20 years of experience in human skills development and expect to use his practical experience to develop human skills accordingly.

We are offering large-scale interactive participation through the World Wide Web or other network technologies, are recent educational modes in distance education, e-learning, m-learning, online learning, virtual classroom are used to succeed.

නියත ජය මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ  තාක්ෂණ වර්ධනයත් සමග ඇතිවූ  ජනප්‍රිය අධ්‍යයන ක්‍රමෝපායන්  යොදාගෙන මානව කුසලතා සංවර්ධනය සඳහා නැවුම් ප්‍රවේශයක් ලබාගැනීමට කටයුතු කරනු ලබයි. වසර 20 කට වැඩි අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධනයේ ප්‍රායෝගික අත්දැකීම් යොදාගෙන  මානව කුසලතා සංවර්ධනයක් කිරීමට වෙබ් අඩවිය නිර්මාතෘ බලාපොරොත්තු වේ.    

Read to succeed

“ඔටිසම් දරුවන් සංවර්ධනය සඳහා ප්‍රාමාණික දැනුමක්  ලබා ගන්න. ප්‍රායෝගික කුසළතා වර්ධනය කරගන්න”

TEACHER CERTIFICATION

TEACHER CERTIFICATION LIST
  1. PTPC 0006-062021 T.ASHIKALA SANDAWANTHI 987021136V
  2. PTPC 0007-062021 K.NAVEESHA DEWMINI 986332120V
  3. PTPC 00023- 062021 M.N. SHAIRA 200269302330
  4. PTPC 0014 – 062021 K.PIYUMI SEWWANDI PERERA 978372414V
  5. PTPC 0221 – 072021 F.M.NILAR 200171604258
  6. PTPC 0223 – 072021 S.N.J.NONIS 888010777V
  7. PTPC 0224 – 072021 RENUKA GUNASEKARA 198261704170
  8. PTPC 0220 – 072021 T.NAYOMI SHYAMINI PERERA 886753195V
  9. PTPC 0225 – 072021 G.G.R.KUMARI KARUNARATHNA 935982650V
  10. PTPC 0226 – 072021 V.A. DILHARA 966473673V
  11. PTPC 0227 – 072021 T.P.G.L.SANDAMALI 855990474V
  12. PTPC 0228 – 072021 R.A.NADEESHA DILHANI 997833058V
  13. PTPC 0229 – 072021 K.K.N.LAKSHANI 997620046V
  14. PTPC 0230 – 072021 I.D.L.P.WEERASIRI 885530990V
  15. PTPC 0232 – 072021 M.H.R.K.ARIYARATHNE 837543932V
  16. PTPC 0233 – 072021 A.W.M.SHASHINIKA 200170502239
  17. PTPC 0234 – 072021 K.M.J.KARUNARATHNA 200171302747
  18. PTPC 0235 – 072021 J.P.S. RUCHIRANGI 946170453V
  19. PTPC 0236 – 072021 P.CHATHURIKA PRIYADARSHANI 946090700V
  20. PTPC 0237 – 072021 P.N.WIJESINGHA 200174401847
  21. PTPC 0238 – 072021 R.P.N.K. DILHANI 868370912V
  22. PTPC 0239 – 072021 G.H.LAKSHANI 200055601111
  23. PTPC 0240 – 072021 A.L.A.T.PRIYAMALI 946821497V
  24. PTPC 0241 – 072021 G.G.UDAYANGIKA 847480645V
  25. PTPC 0242 – 072021 G.N.THARANGANI 198962501236
  26. PTPC 0243 – 072021 K.G.I.JEEWANEE 795770615V
  27. PTPC 0244 – 072021 T.R.ELPITIYA 798233262V
  28. PTPC 0027 – 062021 K.A.S.R.KURUPPU 967702366V
  29. PTPC 0028 – 062021 Y.W.S.N.AMARASINGHE 828154796V
  30. PTPC 0030 – 062021 W.A.S.LAKSHANI 996732118V
  31. PTPC 0031 – 062021 S.M.S. KAUSHALYA 200269703061
  32. PTPC 0032 – 062021 P.M.I.K.PUWAKGOLLA 985400580V
  33. PTPC 0033 – 062021 M.K. PAMUDITHA 977961300V
  34. PTPC 0036 – 062021 W.A.D.N.WICKRAMASINGHE 948360934V
  35. PTPC 0035 – 062021 G.R.M.N.T. WEERAKOON 805940573V
  36. PTPC 0037 – 062021 M.R.IRESHA MADUHANSI 896630695V
  37. PTPC 0039 – 062021 P.K.KUMUDUNI KUMARI 975171434V
  38. PTPC 0040 – 062021 H.L.M.FERNANDO 200066103859
  39. PTPC 0041 – 062021 S.M.K.MADHUWANTHI 947220292V
  40. PTPC 0245 – 072021 BALAKRISHNAN KRISHNAKUMARY 996363309V
  41. PTPC 0246 – 072021 N.P.A.G.PAVITHRA 997250613V
  42. PTPC 0247 – 072021 U.G.N. HASINI KUMARI 936751687V
  43. PTPC 0248 – 072021 W.A.PAWANI THARUKA 938493324V
  44. PTPC 0249 – 072021 A.G. ASHA NISHANTHI 197079901500
  45. PTPC 0250 – 072021 W.C.M.SHALIKA 926353241V
  46. PTPC 0251 – 072021 KANTHI WIJESUNDARA 745030246V
  47. PTPC 0224 – 072021 RENUKA GUNASEKARA 198261704170
  48. PTPC 0225 – 072021 G.G.RASIKA KUMARI 935982650V
  49. PTPC 0226 – 072021 V.A.DIHARA 966473673V
  50. PTPC 0227 – 072021 T.P.G.LAKSHI SANDAMALI 855990474V
  51. PTPC 0228 – 072021 R.A.NADEESHA DILHANI 997833058V
  52. PTPC 0229 – 072021 K.K.N.LAKSHANI 997620046V
  53. PTPC 0230 – 072021 J.D.L.P.WEERASIRI 885530990V
  54. PTPC 0232 – 072021 M.H.RAKSHITHA KUMARI 837543932V
  55. PTPC 0233 – 072021 A.W.M.SHASINIKA 200170502239
  56. PTPC 0234 – 072021 K.M.J.KARUNARATHNA 200171302747
  57. PTPC 0235 – 072021 J.P.S.RUCHIRANGI 94617070453V
  58. PTPC 0236 – 072021 P.C.PRIYADARSHANI 946090700V
  59. PTPC 0237 – 072021 P.N.WIJESINGHA 200174401847
  60. PTPC 0238 – 072021 R.P.N.K.DILHANI 868370912V
  61. PTPC 0239 – 072021 G.H.LAKSHANI 200055601111
  62. PTPC 0240 – 072021 A.L.A.T.PRIYAMALI 946821497V
  63. PTPC 0241 – 072021 G.G.UDAYANGIKA 847480645V
  64. PTPC 0242 – 072021 G.NADEEKA THARANGANI 198962501236
  65. PTPC 0243 – 072021 K.G.I.JEEWANEE 795770615V
  66. PTPC 0244 – 072021 T.R.ELPITIYA 798233262V
  67. PTPC 0245 – 072021 B.KRISHNAKUMARY 996363309V
  68. PTPC 0246 – 072021 N.P.A.G.PAVITHRA 997250613V
  69. PTPC 0247 – 072021 U.G.N.H.KUMARI 936751687V
  70. PTPC 0248 – 072021 W.A.P.THARUKA 938493324V
  71. PTPC 0249 – 072021 A.G.A.NISHANTHI 197079901500
  72. PTPC 0250 – 072021 W.C.M.SHALIKA 926353241V
  73. PTPC 0251 – 072021 KANTHI WIJESUNDARA 745030246V
  74. PTPC 0252 – 072021 W.L.R.CHANDANI 785452941V
  75. PTPC 0253 – 072021 W.A.S.SRIRANGI 967223557V
  76. PTPC 0254 – 072021 A.W.A.SAMANTHI 796153270V
  77. PTPC 0255 – 072021 S.B.S.M.SENEVIRATHNA 977500923V
  78. PTPC 0256 – 072021 A.W.OSHADI SADARANI 200274302517
  79. PTPC 0257 – 072021 SHYAMALEE MOHOTTIGE 917671257V
  80. PTPC 0258 – 072021 P.G.SUDARMA 846833390V
  81. PTPC 0259 – 072021 IRESHA LIYANAARACHCHI 856212793V
  82. PTPC 0260 – 082021 H.L.SAMALEE 815262778V
  83. PTPC 0261 – 082021 W.K.ABENAYAKE 198553100651
  84. PTPC 0262 – 082021 M.G.P.M.K.HELLARAWA 935582148V
  85. PTPC 0263 – 082021 S.S.H.KATUWANDENIYA 915190570V
  86. PTPC 0264 – 082021 I.D.SEETHAGAMA 918291148V
  87. PTPC 0265 – 082021 H.G.S.S.NILMINI 738102959V
  88. PTPC 0266 – 082021 N.G.D.SEWWANDI 966920386V
  89. PTPC 0267 – 082021 W.H.D.SAROJANI 197777000537
  90. PTPC 0268 – 082021 M.A.P.NANDANI 785762959V
  91. PTPC 0269 – 082021 S.AYESHA SALEEM 196683210026
  92. PTPC 0270 – 082021 D.M.L.N.SUSIRIPALA 925172510V
  93. PTPC 0271 – 082021 A.H.I.N.DE SILVA 200050802884
  94. PTPC 0272 – 082021 K.G.S.NIROSHA 986741747V
  95. PTPC 0273 – 082021 S.H.GAJANAYAKE 196754502547
  96. PTPC 0274 – 082021 M.K.R.DILRUKSHI 737022366V
  97. PTPC 0275 – 082021 D.G.WIJESEKARA 97452401727
  98. PTPC 0276 -082021 W.M.S.KUMARI 885393276V
  99. PTPC 0277 – 082021 R.B.C.HARSHANI 835502490
  100. PTPC 0278 – 082021 A.R.F.RIZVIYA 826632068V
  101. PTPC 0279 – 082021 A.S.MATHEWS 856764249V
  102. PTPC 0280 – 082021 M.H.THIRIMAVITHARANA 907470369V
  103. PTPC 0281 – 082021 T.D.ABEYWARDHANA 856193941V
  104. PTPC 0282 – 082021 W.G.C.HANSIKA 200281303800
  105. PTPC 0283 – 082021 R.M. SHANTHI 197168902719
  106. PTPC 0284 – 082021 R.M.SRIYAKANTHI 775140127V
  107. PTPC 0285 – 082021 R.W.S.D.RAJAPAKSHA 885901956V
  108. PTPC 0286 – 082021 K.LAKSHANA 955660609V
  109. PTPC 0287 – 082021 FATHIMA SHAFRA RIYAZ 938033633V
  110. PTPC 0288 – 082021 L.S.MIHIRANGI 925493880V
  111. PTPC 0289 – 082021 G.M.D.PERERA 200271701527
  112. PTPC 0290 – 082021 J.L.C.NILMINI 197564603381
  113. PTPC 0292 – 082021 R.L.YASAWATHI 667332400V
  114. PTPC 0293 – 082021 R.L.S.KUMARI 785511760V
  115. PTPC 0294 – 082021 K.H.N.KUMARI 197457302623
  116. PTPC 0295 – 082021 S.V.P.S.RANDIKA 945093536V
  117. PTPC 0297 – 082021 H.B.A.RATHNAKUMARI 795792074V
  118. PTPC 0299 – 082021 T.M.U.S.KUMARI 997495098V
  119. PTPC 0300 – 082021 M.KODITHUWAKKUAARACHCHI 835982920V

PRESCHOOL TEACHERS ONLINE TEACHING PRACTICE

වර්තමාන අභියෝග හමුවේ ඵලදායි මුල් ළමාවිය සංවර්ධනයක් සඳහා පෙරපාසල් ගුරුවරියන්ගේ ඉගැන්වීමේ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය 

පසුබිම :

ශ්‍රී ලංකාවේ පෙරපාසල් ගුරුවරියන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පුරුදු  සංවර්ධනය සඳහා විවිධ උසස් ඩිප්ලෝමා, ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ මැදිහත්වීමෙන් සිදුකෙරේ. දැනුම කේන්ද්‍රීය කරගත් අධ්‍යාපනයක් ලබා දීම ඉතාම හොඳින් සිදුකෙරේ.

නමුත් මුල් ළමාවිය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන පෙර පාසල් ගුරුවරියන්ගේ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය සඳහා වැඩි අවධානයක් ලංකාවේ යොමු නොවේ. දියුණු රටවල සහ සමහර ආසියාතික රටවල පවා පෙරපාසල් ගුරුවරියන්ට කුසලතා කේන්ද්‍රීය ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය ඉතා විධිමත් ලෙස   සිදුකෙරේ. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉගැන්වීමේ කුසලතා සංවර්ධන වැඩසටහන් දෑන් ආරම්භ කර ඇත.

Learning Chanel International Certified Training Center

3rd Floor, Commercial Center, Bandarawela. Sri Lanka.

Hot Line 077 78 78 092 / 071 35 90 700

WhatsApp +9477 78 78 092

 

සෑම දිනකම කියවීමෙන් ඇදහිය නොහැකි ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ඔබ දන්නවාද?

කියවීම ඔබේ සෞඛ්‍යයට ජීවිත කාලය පුරාම බලපාන ධනාත්මක පුරුද්දක් බව දන්නවාද?

අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ සෑම දිනකම කියවීමෙන් ඔබේ ආයු අපේක්ෂාව වැඩි කළ හැකි බවයි.

ඒ සම්බන්දව කල අධ්‍යනයකට අනුව දිනපතා පුවත් පත්, ලිපි, පොත් කියවන අය සහ කියවීම නොකරන අය 3600 පමණ පිරිසක් පිළිබඳව කාලයක් තොරතුරු රැස්කර සමීක්ෂණය කර ඇත. ප්‍රතිඵලයට අනුව කියවන අයගේ ආයුකාලය වැඩි බව තහවරු කර ඇත. (ඔබගේ පවුලේ වැඩිම ආයු වැළඳුවේ කවුද? සොයා බලන්න. පොත් පත්තර කියවිම පිළිබඳව)      

අධ්‍යයනයෙන් අනාවරණය කළේ දිනකට මිනිත්තු 30 ක් වත් කියවීම කර ඇති බවයි.

එසේ නම් කියවීම ඔබට දිගු කල් ජීවත් වීමට උපකාරී වේ!

බොහෝදෙනා කියවන්නේ සමාජ මාධ්‍ය පෝස්ට් ස්වරූපයෙන් ඇති ප්‍රවෘත්ති පමණක් බව පෙනේ. බොහෝ අය කිසි විටෙකත් සැලකිය යුතු කිසිවක් කියවා නැති බව දන්නවාද?

සෑම දිනකම පොත් සහ වෙනත් දිගු ලිපි කියවීමෙන් විශාල වාසි ඇත.

ඉතින් ඒවා මොනවාද? අපි බලමු!

මෙම ලිපියෙන්, කියවීමේන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව  විද්‍යාත්මක අධ්‍යයනවල තොරතුරු සඳහන් කරමි.

1. මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

පර්යේෂණයන්ට අනුව චෙස් වැනි මානසික අභියෝගාත්මක ක්‍රීඩා කිරීමෙන් මොළය ක්‍රියාශීලීව තබා ගන්නා පුද්ගලයින්ට ඇල්සයිමර් රෝගය ඇතුළු විවිධ රෝග වැළඳීමේ අවදානම 2.5 ගුණයකින් අඩුවේ. යම් යම් ක්‍රියාකාරකම් කිරීමට විවිධ  උත්තේජක භාවිතා කිරීමේ අවශ්‍යතාවයද අඩුය.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ පොත් කියවන අයටද මෙම ප්‍රතිලාභය ලැබෙන බවයි.

2. ආතතිය අඩු කරයි

හොඳ පොතක් සමඟ ඇලිගැලී සිටීමෙන් ක්ෂණික කරදරවලින් ඈත්වී මානසික ආතතිය අඩු කර ගත හැකිය.

සසෙක්ස් විශ්ව විද්‍යාලය විසින් 2009 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මිනිත්තු හයක් පමණක් කියවීමෙන් ආතති මට්ටම 68% දක්වා අඩු කර ගත හැකි බවයි.

3. සාමාන්‍ය දැනුම වැඩි දියුණු කරයි

ඔබට විවිධ මාතෘකා පිළිබඳ සංවාදයක් පැවැත්විය හැකි හොඳින් දැනුවත්  මිනිසෙකු වීමට අවශ්‍ය නම්, විවිධ පොත්පත් කියවන්න. රසවත් පුද්ගලයෙකු වීමට ඔබට හැකි වනු ඇත. ඊට අමතරව, ඔබ සතුව ඇති දැනුම වැඩි වන තරමට, ජීවිතයේ බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට ඔබ වඩා හොඳින් සන්නද්ධ වේ.

4. සංවේදී පුද්ගලයෙකු බිහිකරයි.  

වෙනස් තත්වයන් යටතේ ජීවත්වූ හෝ ජීවත්වෙන පුද්ගලයින්ගේ ජීවිතය හා කතාවන් ගැන කියවීමෙන් ඔබට වඩා වෙනස් අයව තේරුම් ගැනීමට හා අවබෝධයක් ලබා ගැනීමට ඔබට පහසු වේ.

එය ඔබව වඩාත් සංවේදි පුද්ගලයෙකු බවට පත් කරයි.

අපව අපේම පරිසරයෙන් ඉවතට ගෙන එහි සිටින අන් අයගේ යථාර්ථයන් අපට පෙන්වීමට. ඔබේ මනස සහ දෘෂ්ටිය මුළුමනින්ම වෙනස් කිරීමට සමහර පොත් වලට බලය ඇත.

5. වචන මාලාව පුළුල් කරයි

ඔබ වැඩි වැඩියෙන් කියවන තරමට ඔබේ වචන මාලාව වැඩි දියුණු වේ. ඔබේ වාග් මාලාව වැඩි වන තරමට ඔබේ සිතුවිලි හා හැඟීම් ප්‍රකාශ කළ හැකිය. භාෂාව යනු අප ප්‍රකාශ කිරීමට භාවිතා කිරීම සඳහා අපූරු වචන රාශියක් ඇති අපූරු මෙවලමකි.

පුළුල් පරාසයක විස්තරාත්මක වචන මාලාවක් සමඟ භාෂාව දක්ෂ ලෙස භාවිතා කළ හැකි පුද්ගලයින් සැමවිටම අන් අයගේ පරිකල්පනය හා අගය කිරීම ලබා ගෙන ඇත.

ප්‍රකාශ කිරීමේ හැකියාව අන් අයගේ සිත් ඇදගන්නා අතර උසස්වීම්, නායකත්ව භූමිකාවන් සහ වගකීම් සඳහා මග සලසයි.

ඔබේ වාග් මාලාව පුළුල් වන තරමට මහලු විය දක්වා යහපත් මානසික සෞඛ්‍යයට ඇති අවස්ථාව වැඩි වේ.

6. ලිවීමේ කුසලතා වැඩි දියුණු කරයි

මෙය වැඩිදියුණු කළ වචන මාලාව සමඟ අත්වැල් බැඳගනී. බොහෝ දේ කියවන අය, විශේෂයෙන් හොඳින් ලියා ඇති තොරතුරු, විවිධ ලේඛන ශෛලීන් උකහා ගන්නා අතර හොඳ ලිවීමේ ශෛලියක් අනුකරණය කිරීමටද ඔවුන්ට හැකිවේ. ඔබ වැඩි වැඩියෙන් කියවන තරමට වඩා හොඳ තත්ත්වයේ ලිවීමේ හැකියාව වැඩි දියුණු කරයි.

7. ශක්තිමත් විශ්ලේෂණාත්මක චින්තන කුසලතා

බොහෝ කියවන අයගේ චින්තන කුසලතාවය වැඩි දියුණු වේ. අභියෝග විසඳීමට පහසුවෙන අතර එය ඔවුන්ගේ විශ්ලේෂණාත්මක කුසලතා වර්ධනය කිරීමට උපකාරී වේ.

අභිරහසක් කියවා අභිරහස ඔබම විසඳා ගැනීමට උත්සාහ කිරීම සතුටට කරුණකි. ඔබ එය විසඳුවේ නැතත්, ඔබ තවමත් ඔබේ විවේචනාත්මක හා විශ්ලේෂණාත්මක චින්තනය වඩාත් ප්‍රසන්න ආකාරයෙන් ක්‍රියාත්මක කර ඇත.

8. මතකය වැඩි දියුණු කරයි

කතාවක් කියවන විට ඔබ බොහෝ දේ මතක තබා ගත යුතු අතර එය ඔබේ මොළයට හොඳ පුරුද්දකි. ඔබට චරිත පරාසයක්, ඒවායේ පසුබිම්, ක්‍රියා, භූමිකාවන් මෙන්ම කතාවේ සියලු දේ මතක තබා ගත යුතුය.

සියල්ලට පසු, ඔබ කියවන විට යම් යම් තොරතුරු මතක නැතිනම් ඔබ කියවන දේ ඔබට වැටහෙන්නේ නැත. එබැවින් කියවීම, ප්‍රායෝගිකව මොළයේ කටපාඩම් කිරීමේ හැකියාව වර්ධනය කර ගනී.

9. අවධානය වැඩි දියුණු කරයි

සැලකිය යුතු කොටසක් කියවීම ඔබේ අවධානය ශක්තිමත් කරන්නේ එයට කියවීමට අවධානය අවශ්‍ය වන බැවිනි. ඔබ අවධානය යොමු නොකරන්නේ නම්, ඔබ කියවන දේ මතකයේ නොරැදෙනු ඇත.

කියවීමට අවධානය යොමු කිරීම අවශ්‍ය වේ, එය බොහෝ විට අපේ සමාජයේ නොමැති තරම්ය. සෑම දිනකම මිනිත්තු 15-20 ක් කියවීමට කාලය යෙදවීමෙන් ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි අතර අවසානයේ ඔබට වඩාත් ඵලදායී පුද්ගලයෙකු වීමට උපකාරී වේ.

10. නොමිලේ විනෝදාස්වාදය

ඔබට කිසිදු වියදමක් නොතබා හොඳින් ලියා ඇති පොතක් හරහා වෙනත් ලෝකයකට යාමට හැකි වීම හොඳ දෙයක් නොවේද? පොත් මිල අධිකයි, නමුත් ඔබ ඒවා මිලදී ගත යුතු නැහැ. ඔබට නොමිලේ ඊ-පොත් බාගත කළ හැකි මාර්ගගත සම්පත් වලට අමතරව, පොත් සඳහා කිසිදු වියදමක් නැති පුස්තකාල සහ දෙවන පොත් පොත් ගබඩා කර ඇත.

11. නින්ද වැඩි කරයි

බොහෝ උනන්දුවක් දක්වන පොත් කියවන්නන්ට මෙය සහතික කළ හැකිය. ඔබේ අතේ ඇති පොතක් සමඟ නින්දට වැටීම වැනි අත්දැකීම් ඔබට ඇත. කියවීම නිදි පෙති වැනි ය. එය සැහැල්ලුවෙන් හා නින්දට හේතු වේ. විශේෂයෙන් ඔබ වෙහෙසට පත්ව මානසික ආතතියෙන් පෙළෙනවා නම්, කියවීම ඔබට නින්දට වැටීමට පමණක් නොව, ඔබේ සමස්ත නින්දේ ගුණාත්මක භාවයද වැඩි දියුණු කරයි. එය මානසික ආතතිය දුරු කිරීමට උපකාරී වන හෙයින්, කියවීමෙන් ඔබට ගැඹුරු සහ සන්සුන් නින්දකට යා හැකිය.

12. අභ්‍යන්තර සන්සුන්කම

ඔබේ සමස්ත ආතති මට්ටම් අඩු කිරීමට අමතරව, ඔබ කියවන විෂය ඔබට අභ්‍යන්තර සාමය සහ සන්සුන් භාවය අතිමහත් ප්‍රමාණයක් ගෙන එනු ඇත. නිදසුනක් වශයෙන්, අධ්‍යාත්මික ග්‍රන්ථ කියවීමෙන් රුධිර පීඩනය අඩු වන බව පෙන්නුම් කර ඇත . මනෝ ව්‍යාධිවලින් පෙලෙන විට ස්වයං උපකාරක පොත් මගින් මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන ලබා ගත හැක.

13. ඔබ සංවාද වලදී වඩා ජනප්‍රිය වේ.

නිතිපතා කියවීම සිතීමට බොහෝ දේ ලබා දෙයි. එයින් අදහස් කරන්නේ  මිතුරන් සමඟ සිටින විට කතා කිරීමට සහ ගවේෂණය කිරීම සඳහා නිමක් නැති නව මාතෘකා ප්‍රමාණයක් ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංවාදයකදී  ඔබ කැපී පෙනේ.

14. කියවීම ඔබේ මොළයට කරන ව්‍යායාමයකි

උදාසීනව රූපවාහිනිය නැරඹීම සහ ක්‍රියාශීලීව කියවීම අතර වෙනසක් තිබේ.ඔබ කියවන විට, ඔබ නව තොරතුරු කෙරෙහි අවධානය යොමු කර එය ලබා ගැනීමට ඔබේ මනස පුහුණු කරයි. කලින් සඳහන් කළ පරිදි, මෙය විශ්ලේෂණාත්මක කුසලතා සහ මතකය වැඩි දියුණු කරයි.

එයින් කියවෙන්නේ කියවීම ඔබේ මොළයට ව්‍යායාමයක් බවට පත්වන බවයි.

හැස්කින්ස් රසායනාගාරයේ සභාපති කෙන් පුග්ට අනුව :

දර්ශනය, භාෂාව, ඉගෙනීම වැනි කාර්යයන් සඳහා පරිණාමය වී ඇති මොළයේ කලාවන් කියවීම සඳහා නිශ්චිත ස්නායු පරිපථයකට සම්බන්ධතා උත්තේජනය ඉතා ඵලදායකය.

කෙටියෙන් කිවහොත්, කියවීම ඔබේ මොළය සිතීමට හා අවධානය යොමු කිරීමට පොළඹවයි.

15. කියවීම ලොකු කුඩා සැමට බෝ වේ.

අවසාන වශයෙන්, ඔබේ කියවීමට ඇති ආදරය වැදගත් ඉහළ ප්‍රතිවිපාක ඇති කරන බව දැන ගැනීම හොඳය, විශේෂයෙන් ඔබට දරුවන් සිටී නම්.

ඔබ කියවන විට අවට සිටින අයද කියවීමට බොහෝ වැඩි ඉඩක් ඇත.

නිවසේදී ඔබේ දරුවන්ට නිතිපතා ශබ්ද නඟා කියවීමෙන් ඔබට මෙයින්   ප්‍රයෝජන ගත හැකිය. නව අධ්‍යයන වාර්තා යෝජනා කරන්නේ ළමයින්ට ඔවුන්ගේ මුල් පාසල් අධ්‍යාපනය තුළින් ශබ්ද නඟා කියවීමට පුරුදු කිරීම  වැඩිහිටි වියේදී දක්ෂ කතිකත්වයකට ඔවුන් පොළඹවන බවයි.

අනෙක් අතට, ඔවුන් තම දරුවන්ද ඒ මග යැවීමට වැඩි ඉඩක් ඇත.

සෑම දිනකම කියවීම හොඳ ඇයි?

කියවීමෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ඇති බව පැහැදිලිය.

ඔබට කියවීමෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම්, එය තර්කානුකූලව අනුගමනය කරන්නේ ඔබ දිනපතා කියවීම ආරම්භ කළ යුතු බව පර්යේෂකයන් පවසයි.

ඔබ දිනපතා කියවන විට, ඔබ නිතිපතා ඔබේ මොළය ව්‍යායාමයක නිරත වේ.

පහත දැක්වෙන සරල රීතිය ඔබේ ජීවිතයට ක්‍රියාත්මක කිරීමට මම නිර්දේශ කරමි.

  • සෑම දිනකම, ඔබ පොතක අවම වශයෙන් එක් පිටුවක්වත් කියවා ඇත්නම් මිස නින්දට නොයන්න.

මෙම නියමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් කිහිපයක්

o       ඔබේ ඇඳ අසල ප්‍රබන්ධ පොතක් තබා ගන්න. අඩුම තරමේ ජංගම දුරකතනයෙන් සමාජ ජාලාවල විවිධ දේ බලන වෙලාවේ, ebook පොතක පිටුවක් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් කියවන්න.  

o       ඔබ සාමාන්‍යයෙන් වැඩට යනවිට ගෙනියන බෑගයේ පොතක් හෝ සඟරාවක් තබා ගන්න. ඔබේ දිවා ආහාරය හෝ තේ විවේකය අතර පිටුවක් දෙකක් කියවන්න. නැතහොත් පුවත්පතක හොඳ ලිපියක් කියවන්න.

o       සවස් වරුවේ ගෙදර සිට කියවීමේ පුරුද්දක් ඇති කරන්න. නිවසේ හෝ කාමරයේ නිහඬ ස්ථානයකට ගොස් කියවන්න.

එක් පිටුවක් දෙකක් පමණක් කියවීමේ ඉලක්කයක් තබා ගන්න. හේතුව එය කළමනාකරණය කළ හැකි වීමයි. තනි පිටුවක් දෙකක කියවීම පහසුය.

ඔබ දිනකට තවත් පිටු බොහොමයක් කියවිය හැකි නම් වසරකට පොත් දුසිම් ගණනක් කියවනු ඇත.

කියවීම ඔබේ සෞඛ්‍යයට ජීවිත කාලය පුරාම බලපාන ධනාත්මක පුරුද්දකි.

සෑම දිනකම කියවීමෙන් ඔබේ අවධානය වැඩි දියුණු කරන්න

පොත් කියවීම අපගේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර අපගේ අවධානය වැඩි කරයි.

කුමක් හෝ පොතක් කියවන්න

ප්‍රබන්ධ කියවීමේ වාසි

ප්‍රබන්ධ කියවීමෙන් අපට සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ලැබේ.

ඔබව වඩාත් විවෘත මනසකින් යුක්ත කරයි.

ඔබ ප්‍රබන්ධ කියවන විට, ඔබට වඩා වෙනස් චරිතවල කතාව අනුගමනය කරයි. ඔවුන්ගේ අරගල, ඔවුන්ගේ ආශාවන්, ඔවුන්ගේ ජයග්‍රහණ ගැන කියවීමෙන් ඔබට සහ ඔබේ සංස්කෘතියට වඩා වෙනස් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඔබට ඉඩ සලසයි.

සබඳතා වැඩි දියුණු කරයි

ප්‍රබන්ධ පොත් “රියැලිටි සිමියුලේටර්” ලෙස සිතිය හැකිය. ප්‍රබන්ධ පොත් කියවන විට යථාර්ථවාදී චරිත සංකීර්ණ අන්තර් පුද්ගල සම්බන්ධතා වල සැරිසරන ආකාරය අපට පෙනේ. එවිට අපට මෙම පාඩම් අපගේ දෛනික ජීවිතයට අදාළ කර ගත හැකිය.

නිර්මාණශීලිත්වය වැඩි කරයි

සමහර විට හොඳම අදහස් පැමිණෙන්නේ ප්‍රබන්ධ වලින් බව කියවේ. සාහිත්‍ය ඉතිහාසයේ ඇති සියලුම විශිෂ්ට විද්‍යා පොත් ගැන සිතන්න. ආතර් සි ක්ලාර්ක් මහතා ගැන සිතන්න. සැබවින්ම සොයා ගැනීමට පෙර එම  තාක්‍ෂණයන් පැමිණීමට පෙර සොයාගත් බවක් නොපෙනේද?

සමහර විට අදහස නිර්මාණය කළහ. මෙම අදහස් පසුව යථාර්ථයන් බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ අදහස් ගොඩනඟා ගැනීමට අන් අයට පෙලඹීමක් ඇති කළේය.

ඔබ ප්‍රබන්ධ නවකතාවක් කියවන විට, ඔබේ ගැටළු විසඳීමේ හැකියාවන් ඉහළ නංවමින් කතාවේ ඇති නිර්මාණශීලීත්වයෙන් ඔබව පෙලඹවිය හැකිය.

කියවීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ

කියවීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ මෙතෙකැයි කිව නොහැක. කියවීමෙන් ගැඹුරු ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබේ. දිනකට මිනිත්තු 30 ක් පොතක් කියවීමෙන් බොහෝ වාසි ලබා ගත හැකිය.

රෝගාබාධ අවම කිරීම

පොත්පත් කියවීමෙන් භීතික ආබාධ, මානසික අවපීඩනය සහ කාංසාව ඇතුළු දරුණු මානසික රෝග ලක්ෂණ අවම කර ගත හැකිය.

සමස්ත බුද්ධිය වැඩි දියුණු කරයි

ඔබ කුඩා දරුවන්ට කියවන විට, ඔබ ඔවුන්ගේ මොළය ක්‍රියාශීලීව උත්තේජනය කරන අතර ඔවුන්ගේ වචන මාලාව පුළුල් කිරීමට ඔවුන්ට උපකාරී වේ. ළමයින් ඔවුන්ගේ වචන මාලාව පුළුල් කරන විට, ඔවුන් බුද්ධි පරීක්‍ෂණයන්හි ඉහළ කාර්ය සාධනයක් පෙන්වීමට පෙළඹේ. එයින් අදහස් වන්නේ ඔබේ දරුවන්ට කියවීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට අතිශයින් වැදගත් බවයි.

ඔබේ සමාජ තත්වය සහ මිතුරන්  වැඩි කරයි

කියවීම, එය හුදකලා ක්‍රියාකාරකමක් වුවද, බොහෝ විට කියවීමේ කණ්ඩායම් සහ වෙනත් සාකච්ඡා කණ්ඩායම් හරහා ඔබේ සමාජ කවය පුළුල් වීමට හේතු වේ. නොමේරූ වයසට යාම, මානසික අවපීඩනය හෝ මරණය වැළැක්වීම සඳහා ශක්තිමත් මිතුරු කණ්ඩායමක් පවත්වා ගැනීම ඉතා වැදගත් ක්‍රමයකි.

කියවීමේ ප්‍රධාන අරමුණ කුමක්ද?

කියවීමේ ප්‍රධාන අරමුණ වනුයේ පිටුවේ ඇති අදහස් ඔබ දැනටමත් දන්නා දේ සමඟ සම්බන්ධ කිරීමයි.

ඔබ විෂයයක් ගැන වැඩි යමක් නොදන්නේ නම්, කියවීම වඩාත් අපහසු වනු ඇත. නව තොරතුරු සම්බන්ධ කිරීම සඳහා දැනුම තොගයක් එකතු කර ගැනීමට වැඩි කාලයක් ගතවනු ඇත.

නමුත් ඔබට දැනටමත් දැනුමක් ඇති විෂයයක් ගැන කියවන්නේ නම්, ඔබ කියවන දේ ඔබ දැනටමත් දන්නා දේ සමඟ සම්බන්ධ ලේසියෙන් සම්බන්ද කර ගනු ඇත.

විශේෂ දෙයක් එවිට සිදු වේ. ඔබ එදින රාත්‍රියේ නිදා සිටින විට, ඔබේ මොළය ඔබේ හිසෙහි විවිධ අදහස් අතර සම්බන්ධතා ප්‍රතිසංස්කරණය කරයි. ඔබේ අවසාන නිර්මාණාත්මක නිමැවුමට වැඩි යෙදවුම් ලබා දීමෙන් කියවීම නිර්මාණාත්මක ක්‍රියාවලිය වැඩි දියුණු කරයි .

වර්තමාන සමාජයේ කියවීම වැදගත් වන්නේ ඇයි?

කියවීම අවතක්සේරු කළ ක්‍රියාකාරකමකි. නමුත් එය අද සමාජයේ වඩාත් වැදගත් වේ.

මන්ද?

හේතුව සරලයි. අප ජීවත් වන්නේ වැඩි වැඩියෙන් තොරතුරු ලබා ගත හැකි සමාජයක ය. සෑම ආකාරයකම සන්නිවේදන තාක්‍ෂණයන් රූප අප සහ අපේ දරුවන් විනාස කර  ඇත. සමාජ ජාලවල ඍනාත්මක ජරාවලින් පිරි ඇත. විවිධ මානසික ගැටලුවලින් පෙලෙන පුද්ගලයන් විශාල වශයෙන් සිටින බව පලකරනු ලබන දේවල් වලින් පෙනේ. එවැනි දේ නිතර නිතර නරඹා බොහෝදෙනා මනසින් ලෙඩ වේ. සිතීමේ හැකියාව මොටවේ.

ඒ අතරම, අපගේ අවධානය, සංවේදනය සහ සිතීමේ හැකියාවේ සාමාන්‍ය දිග පළල අඩු වේ.

කියවීම යනු මෙම ප්‍රවණතාව මඟහරවා ගැනීම සඳහා ඔබට නිරත විය හැකි හොඳම ක්‍රියාකාරකම වේ. එය ඔබේ සිතීමේ  පරාසය වැඩි දියුණු කරන අතර ප්‍රශ්ණ හමුවේ වඩාත් විචාර බුද්ධියෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත.

ස්තුතියි

දම්ප්‍රිය ගුණවර්ධන

Preschool Teacher Competencies

පෙරපාසලේ දැක්ම, මෙහෙවර, වටිනාකම් සමග සැලසුම් උපකරණ සහ ඇගයීම් අධීක්ෂණ කටයුතු මගින් විශිෂ්ඨ පෙරපාසලක් නිර්මාණය කිරීම

පෙරපාසල් ගුරුවරියන්ගේ සිහිනයක් වන්නේ තම ප්‍රදේශයේ කීර්තිමත් විශිෂ්ඨ පෙරපාසලක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

ඔබට ඒ සඳහා අත්වැලක් ලබාදීමට Learning Chanel මගින් කටයුතු 3ක් ආරම්භ කර තිබෙනවා.

1. Learning Chanel WhatsApp Group එක මගින් වෘත්තීය අධ්‍යාපනය සඳහා වටිනා නව දැනුම දින 3 වරක් නොමිලේ ලබා දීම.

2. පෙරපාසල් ගුරුවරියන්ගේ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් පැවැත්වීම. (රටේ දැනට පවතින තත්වය මත තාවකාලිකව පුහුණු වැඩසටහන් නවතා ඇත)

3. Preschool Teacher Planner (සැලසුම් වැඩපොත)  

පෙරපාසලේ කටයුතු විදිමත්ව ඉහල වෘත්තීය මට්ටමකින් සිදුකිරීමට ජාත්‍යන්තරයේ භාවිතා කරන සැලසුම් වැඩ පොත සහ මාර්ගෝපදේශ පොත දැන් ලබා ගත හැක.

ප්‍රමිතිගත පෙරපාසල් සැලසුම් උපකරණ භාවිතා කිරීම සහ දක්ෂ පෙර පාසල් ගුරුවරියක් වීම

පාසල් පද්ධතිය තුල ප්‍රමිතිගත ක්‍රමවත් විෂය නිර්දේශ, වාර්ෂික සැලසුම් දෛනික සැලසුම් සියල්ල භාවිතාව දැකගත හැක. මුද්‍රිත ලිපිලේඛණද සුලභව ලබා ගත හැක. ඒ මගින් පහසුවෙන් සැලසුම් සහගතව වඩාත් ඵලදායි ඉගැන්වීම් සඳහා අත්වැලක් සැපයේ. 

නමුත් පෙරපාසල් පද්ධතිය තුල එසේ ක්‍රමවත් මුද්‍රිත සැලසුම් උපකරණ භාවිතය බොහෝ අවම වේ. සමහර පෙර පාසල් ගුරුවරියන් පමණක් තමාට අවශ්‍ය වැඩ සැලසුම් දෛනික සැලසුම් සියල්ල හදාගෙන පොත් සකසා ගෙන භාවිතා කරනු දැකිය හැක.  

(Learning Chanel Preschool Teacher Planner) ලර්නින් චැනල් ප්‍රීස්කූල් ටීචර් ප්ලෑනර් හඳුන්වාදීමේ අරමුණ වන්නේ ජාත්‍යන්තරයේ සාර්ථකව භාවිතා කෙරෙන මුද්‍රිත සැලසුම් උපකරණ අප රටේ පෙරපාසල් ගුරුවරියන් වෙත ලබා දීමත් ඒ තුලින් පෙර පාසල් ගුරුවරියන්ගේ වෘත්තියමභාවය ඵලදායි ලෙස වර්ධනය කිරීමත්ය. සරල විදිමත් සැලසුම් උපකරණ භාවිතයෙන් පෙරපාසලේ කටයුතු පහසුවෙන් කාර්යක්ෂම කර ගත හැක.

විශේෂයෙන් වර්තමාන ලෝකයේ විවිධ ක්‍ෂේත්‍රවල අතිසාර්ථකත්වයක් ලබාගෙන ඇති කීර්තිමත් පුද්ගලයන් ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුවූ එක් ප්‍රධාන කාරණයක් ලෙස දක්වා ඇත්තේ දෛනික චර්යාවන් සහ වෘත්තීය කටයුතු හොඳින් සැලසුම් කිරීමේ කටයුත්තයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව දෛනික පුරුදු වෙනස් විය හැකිය. වෘත්තීය මෙන්ම එදිනෙදා පරිභෝජන, ව්‍යායාම, පුද්ගලික සංවර්ධනය හෝ වෙනත් බොහෝ දෑ ඒවාට ඇතුළත් විය හැකිය. කාරණය කුමක් වුවත්, මෙම කුඩා ක්‍රියාකාරකම් සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමට වැඩ සැලසුමක් ඇතිවිට ඉහල ඵලදායකත්වයක් ලබා ගත හැක. එවැනි ක්‍රමයක් භාවිතා කිරීම මඟින් අප වැඩ කරන ආකාරය, අපගේ සබඳතා, රැකියාවේදී සහ පෞද්ගලික ජීවිතයේ දී කටයුතු වඩා සාර්ථකව හොඳින්  කර ගැනීමට අපට තව දුරටත් උදව්වේ.

ඔබ නිශ්චිත සැලසුම්සහගත ක්‍රියාකාරකම් රටාවක් අනුගමනය කිරීම යනු ඔබ කළ යුතු දේ ලැයිස්තුවක් තිබීම වැනි ය. විශේෂයෙන් පෙරපාසල් ගුරුවරියක් වශයෙන් නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක පවා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය ඉහල කාර්ය සාධනයක් ලබා ගැනීමට නම් සැලසුම් කිරීම සහ ක්‍රමවත් වැඩ සැලසුම් භාවිතය අත්‍යවශ්‍ය වේ. බැරෑරුම් වගකීමක් හරියට සිදුකිරීමට අපට නිසි සැලසුමක් සහ වැඩපිළිවෙලක් ඉතාමත් වැදගත් වේ. පෙර පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවූ පසු පාසල් පද්ධතියේ සැම දෙයක්ම පිළිවෙලකට ක්‍රමවේදයන් සමග පවත්වා ගැනීම අත්‍යවශ්‍යය.  

ඔබේ පෙර පාසලේ වෙලාව ගත වෙන්නේ කොහොමද? එක් එක් ක්‍රියාකාරකම සඳහා ඔබ කොපමණ කාලයක් ගත කරනවාද යන්න හරියටම දැන ගැනීමට නොඑසේනම් කාල ලුහුබැඳීමේ උපක්‍රමය භාවිතා කිරීම හොඳ අදහසකි. මුල් ළමාවිය සංවර්ධනයේ අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමට වගකීමක් ඔබට තිබේ. එබැවින් ඔබගේ වේලාව කොතැනට කුමකට යනවාද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඔබේ දෛනික ක්‍රියාවලීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වනු ඇත.

ඔබ පෙරපාසලට දැක්ම, මෙහෙවර සහ වටිනාකම් සකස්කරගෙන තිබේද?

පෙර පාසලේ වාර්ෂික වැඩ සැලසුම, මාසය, සතිය හෝ දවස සඳහා නිශ්චිත සැලැස්මක් සහ සැලැස්මට අනුව කටයුතු සිදුකිරීමට නිසි ඇගයීම් ක්‍රමයක් සකස් කරගෙන තිබේද?

මෙම (Learning Chanel Preschool Teacher Planner) ලර්නින් චැනල් ප්‍රීස්කූල් ටීචර් ප්ලෑනර් හඳුන්වාදීමේ අරමුණු කිහිපයකි.

පොත කොටස් 2 කින් සමන්විත වේ.

1. මාර්ගෝපදේශ පොත – Guide Book (දැනුම ලබා ගැනීම සඳහා)

සැලසුම් පොත ඵලදායි ලෙස භාවිතය පිළිබඳව සියලුම උපදෙස් ඇතුලත් කර ඇත. තොරතුරු ඇතුලත් ආදර්ශ පත්‍රිකා පරිශීලනය සඳහා ඇතුලත් කර ඇත. අමතර උපදෙස් අවශ්‍ය වුවහොත් උපදෙස් ලබා ගැනීමට දුරකථන සේවාවක්ද ක්‍රියාත්මකයි.

2. සැලසුම් පොත Planner (පෙරපාසලේ භාවිතය සඳහා) 

මාර්ගෝපදේශ පොත පරිශීලනයෙන් පසුව තමාට අවශ්‍ය පරිදි තමාට අනන්‍යවූ ලෙස සැලසුම් කටයුතු කරගැනීම සඳහාම මුද්‍රිත සැලසුම් පොත එළිදක්වා ඇත. මුද්‍රිත සැලසුම් පොත ඇනවුම් කල පසු අදාල පෙරපාසලට පමණක් අනන්‍ය ලෙස පෙරපාසල් ගුරුවරියගේ නම, පෙරපාසලේ විස්තර සහ ඡායාරුප ඇතුලත්ව මුද්‍රණය කර ලබාදේ.  

මෙම පොත් 2 ක  8 වැදෑරුම් වැඩපිළිවෙලකින් සමන්විත වේ.

පොත් 2 ම ආකර්ශනීය නිමාවකින් උසස් තත්වයේ ඝනකම 80 A4 පිටු ප්‍රමාණයෙන් සකසා ඇත.

1. මොන්ටිසෝරි මැතිනිය සහ විද්වතුන් කිහිපදෙනෙක් විසින් හඳුන්වාදී ඇති මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව සරලව මුලික කරුණු පැහැදිලිව ඉදිරිපත් කිරීම.

2. පෙරපාසලේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම් නිවැරදි වෘත්තියම ආකාරයකට සකස් කරගැනීමට මග පෙන්වීම. ආදර්ශ  සහ සැලසුම් පත්‍රිකා ඇතුලත් කර ඇත.   

3. ප්‍රමිතියකට අනුව වාර්ෂික වැඩ සැලසුමක් නිර්මාණය කර ගැනීම. මුද්‍රිත ආදර්ශ වාර්ෂික සැලසුමක් සහ ඔබගේ භාවිතය සඳහා වාර්ෂික සැලසුම් පත්‍රිකා ඇතුලත් කර ඇත. 

4. ප්‍රමිතියකට අනුව මාසික වැඩ සැලසුමක් නිර්මාණය කර ගැනීම. මුද්‍රිත ආදර්ශ මාසික සැලසුමක් සහ ඔබට මාසික සැලසුම් සකස් කිරීම සඳහා මාසයකට පත්‍රිකා 2 බැගින් ජනවාරි – දෙසැම්බර් මාස 12ක් සඳහා මාසික සැලසුම් පත්‍රිකා 24ක් ඇතුලත් කර ඇත. 

5. ප්‍රමිතියකට අනුව දෛනික වැඩ සැලසුමක් නිර්මාණය කර ගැනීම. මුද්‍රිත ආදර්ශ දෛනික සැලසුමක් සහ ඔබට පහසුවෙන් භාවිතා කිරීම සඳහා දෛනික සැලසුම් පත්‍රිකා 240 ක්  වසරක භාවිතය සඳහා ඇතුලත් කර ඇත. 

6. ප්‍රමිතියකට අනුව මාසික ඇගයීමේ පත්‍රිකා නිර්මාණය කර ගැනීම. ඔබගේ දෛනික වැඩ සැලැස්මට අනුව කටයුතු කෙරුණාදැයි ස්වයං ඇගයීමට මාසික ඇගයීම් පත්‍රිකාව යොදා ගත හැක. ඔබගේ භාවිතය සඳහා ආදර්ශ ඇගයීමේ පත්‍රිකාවක් සහ භාවිතය සඳහා මාසික  ඇගයීම් 12ක් ඇතුලත් කර ඇත.  

7. පෙර පාසලේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය තුල දැනුම, කුසලතා, ආකල්ප සහ පුරුදු සංවර්ධනය හඳුනාගැනීමට ලුහුඬු සටහන් පත්‍රිකා යොදා ගත හැක. මුද්‍රිත පත්‍රිකා 12 ක් ඇතුලත් කර ඇත.

1. සැලසුම් කිරීම

2. සාර්ථක පෙරපාසල් වැඩ සැලසුම් ක්‍රමවේදය   

3. Vision, Mission & Values සකස් කර ගැනීම

4. පෙරපාසල සඳහා අවශ්‍ය වාර්ෂික, මාසික, දෛනික ගුණාත්මක ක්‍රියාකාරකම් සැලසුම් සකස් කර ගැනීම

5. පෙරපාසල සඳහා ගුණාත්මක ක්‍රියාකාරකම් ඇගයීම් සකස් කර ගැනීම

මාර්ගෝපදේශ පොතේ පහත මාතෘකාවන් ආවරණය කෙරේ.

1. මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකර ගැනීම

2. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් යනු කුමක්ද?

3. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක අරමුණු

4. මුල් ළමාවිය සංවර්ධනය හඳුනාගැනීම

5. මුල් ළමාවිය සංවර්ධනයේ සන්ධිස්ථාන

6. පෙර පාසල් දරුවන්ගේ සංවර්ධනය කළ යුතු කුසලතා

7. පෙරපාසලට විෂය නිර්දේශයක් ඕනෑද? කොහොමද? සහ ක්‍රියාකාරකම්

8. මුල් ළමාවිය මධ්‍යස්ථානයට පැමිණෙන දරුවන් හඳුනා ගැනීම    

9. වර්තමාන පෙරපාසල් ගුරුවරියන් මුහුණදෙන ප්‍රධාන අභියෝග 

10. පෙරපාසලේ කටයුතු ඵලදායි හා කාර්යක්ෂම කර ගැනීමේ ක්‍රමය  

පොත් පිළිබඳව වැඩි විස්තර WhatsApp මගින් පහසුවෙන් ලබා ගත හැක.

පොත් ඇනවුම් කිරීමට තොරතුරු ලබා ගැනීමට +94777878092 අමතන්න.

Learning Chanel WhatsApp අධ්‍යයන අංශය

පෙරපාසල් ගුරුවරියන්ගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය දැනුම සහ මාර්ගෝපදේශනය නොමිලේ ලබාදීමට Learning Chanel WhatsApp Teacher Group සකසා ඇත. දින   3 කට වරක් වෘත්තීය සංවර්ධනය ලිපි, නව දැනුම නොමිලේ Learning Chanel WhatsApp Teacher Group මගින් ලබාදේ.  ඒ සඳහා ලියාපදිංචි වීමට අප අමතන්න. නැතහොත් +94777878092 වෙත WhatsApp මගින් අප හා සම්බන්දවන්න. 

Dampriya Gunawardena

මුල් ළමාවිය සංවර්ධනය

කුඩා දරුවන් ස්පොන්ජ් කැබැල්ලක් මෙන් පෙනේ. ඔවුන් ඉක්මනින් ඉගෙන ගන්නා අතර බොහෝ විට අවට ලෝකය පිළිබඳ කුතුහලයෙන් පිරී ඇත. ළමුන් සමඟ වැඩ කරන පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සිසුන්ට ආසාවෙන් ඉගෙනීමට ඇති ඇල්ම වැඩි කිරීමට කටයුතු කිරීම කල යුතුව තිබේ.

සමහර අවස්ථාවලදී දෙමව්පියන් චෝදනා කරනවා මගේ දරුවාගේ මට්ටම මදියි කියලා. ඒවගේම සමහර විට පෙර පාසලේ ගුරුවරිය පවා කියනවා අහවල් දරුවා දුර්වලයි කියලා.

අමතක කරන්න එපා අප කරන්නේ මුල් ළමා විය සංවර්ධනය කිරීමයි. එසේ නම් සංවර්ධනයක් නොවුනි නම් එහි ලොකුම වගකීමේ කොටස ගුරුවරිය වෙත පැවරෙනවා. අනිත් කොටස දෙමාපියන්ට පැවරෙනවා.

එසේ නම් මුල් ළමා විය සංවර්ධනය බැලු බැල්මට සරල වුනත් සංකීර්ණ කාරණයක්. සමහර ප්‍රවීණ ජේෂ්ඨ ගුරුවරියන් ඉන්නවා. ඔවුන්ට වෘත්තීය සුදුසුකම් NVQ සහතික මොනවවත් නෑ. හැබැයි ඔවුන්ගේ පළපුරුද්දෙන් සහ නිර්මාණශීලිත්වයෙන් පෙර පාසල් දරුවන්ගේ මුල් ළමා විය ඉතාමත් හොඳින් සංවර්ධනය කරනවා. අදාල ප්‍රදේශයේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් ඒවගේම දෙමව්පියන් කියනවා අහවල් පෙර පාසලේ දරුවන් පාසල් ගියාම ඉදිරියෙන්ම ඉන්නවා කියලා.

ඒවගේම තවත් තරුණ ගුරුවරියන් ඉන්නවා හොඳින් ඉගෙන ගෙන මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව උසස් මට්ටමේ NITA NVQ වැනි පාඨමාලා හදාරා පුහුණුවී ක්‍ෂේත්‍රයට පිවිස ඉතාමත් දක්ෂ ලෙස දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය ඉතාමත් හොඳින් කරනවා.

කලාතුරකින් තරුණ දක්ෂ ගුරුවරියන් සුදුසුකම් නැතත් ජන්මෙන් ලැබුණු දායාදයක් මෙන් කොහෙන් හෝ ඉගෙන ගෙන ඉතා හොඳින් මුල් ළමා විය සංවර්ධනයේ වගකීම ඉටුකරනවාද දැකිය හැක.

කණගාටුවට හේතුවක් වන්නේ දැන හෝ නොදැන,  මුදලට හෝ නැතුව, සමහර මුල් ළමා විය සංවර්ධනය නාමයෙන් වෙනත් මොනවාදෝ කිරීමයි. නමුත් අප ඔවුන් සමග උරණ විය යුතු නැත. ඔවුන්ටද බලධාරීන් උදව් කල යුතුව ඇත. මුල් ළමා විය සංවර්ධනය වෘත්තීය මට්ටමට ගෙනවිත් හැමෝම ගොඩ යායුතු වේ. ප්‍රවීණයන් උදව්කල යුතුවේ.              

එබැවින්,

 1. පෙර පාසල් ගුරුවරියන්ගේ  දැනුම මෙන්ම කුසලතාවයද ඉහල මට්ටමකට ගෙන ආ යුතුය.

2. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගුරුවරියන්ගේ දැනුම මෙන්ම කුසලතාවයද ඉහල මට්ටමකට ගෙන ආ යුතුය.

මේ සඳහා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතනවලට විශාල රික්තයක් සම්පූර්ණ කිරීමට පෙරමුණ ගැනීමට කාලය පැමිණ තිබේ.

එබැවින් මුල් ළමා විය සංවර්ධනය සඳහා කොපමණ ආයතන තිබුනත් ඔවුන්ට කරන්නට වැඩ තිබේ. ව්‍යාපාරික වශයෙන් සාධාරණව මුදල් හම්බකර ගැනීමටද ඔවුන්ට පුළුවන්. තරඟයක් නැත. එබැවින් වසර 20 කට වැඩි දේශීය විදේශීය අත්දැකීම් ඇති කුසලතා සංවර්ධන පුහුණුකරුවෙක් ලෙස මා ක්‍ෂේත්‍රයේ නිරත හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය කිරීමේ ජාතික වගකීම අපි හරියට කරන්න පෙළ ගැසෙමු. අවශ්‍ය ගුරුවරියන්ගේ කුසලතා හරියට සංවර්ධනය කරමු. හරියට කරන්න දන්නේ නැත්නම් ඉගෙන ගනිමු. හැමෝම ගොඩ යමු.